19 න් පහළ නායකත්වය වෙල්ලාලගේට

ජන 02, 2022

    වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට හිමිව තිබෙනවා.

    තරගාවලියට සහභාගී වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. උපනායකයා ලෙස කටයුතු කරන්නේ රවීන් ද සිල්වා.  මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම "බී" කාණ්ඩයෙන් තරග වදිනවා.  ඊට ඇතුලත් සෙසු කණ්ඩායම් වන්නේ, ඔස්ට්‍රෙිලියාව, බටහිර ඉන්දීය කෙදෙව් සහ ස්කොට්ලන්තයයි.

    යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 14 වැනිදා සිටි පෙබරවාරි 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙනවා. එහිදී, ඔස්ට්‍රෙිලියාව, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග වදින අතර, ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

    Latest News