IPL; පංජාබ් කිංග්ස්ට කඩුලු 5ක ජයක්; භානුක දක්‍ෂතා අතරට

මාර් 28, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමා මුහුණ දුන් පළමු තරගයේදීම දක්‍ෂතා අතරට පැමිණීමට, භානුක රාජපක්‍ෂ සමත්වුණා.

    ඒ, ඊයේ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගයේදී. තරගය පැවැත්වුණේ, මුම්බායිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 205ක් රැස් කළා. නායක ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 88යි. විරාත් කෝලි ලකුණු 41ක් රැස් කළා.
    පිළිතුරු ලෙස පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 208ක් රැස් කරමින්. මයානික් අගර්වාල් ලකුණු 32ක් රැස් කළ අතර, ශිකර් දවාන් ලකුණු 43යි. දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් භානුක රාජපක්‍ෂ පන්දු 22කදී ලකුණු 43ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර දෙකක් සහ 6 පහර 4ක් ඇතුලත්. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 40කට එක් කඩුල්ලක් ලබාගත්තා.

    Latest News