එක්ලක්ෂ හැටපන් දහසකට අධික පිරිසක් මෝසම් වැසි හේතුවෙන් තම නිවෙස්වලින් බැහැරට දකුණුදිග කේරළ ප්‍රාන්තයේ සහන කඳවුරු 1318ක රැඳී සිටියි.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව අද පස්වරුවේ අභ්‍යවකාශ ගතවීමට නියමිතයි.

ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 සඳ තරන රොකට්ටුව ගුවන්ගත කිරීම කල්දමා තිබේ.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ජායිපූර් නගරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නගරයේ ජල අර්බුදය තවමත් උග්‍රවී තිබේ. දිගින් දිගටම වර්ෂාව රහිතවීම ඊට හේතුවයි.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ දෙවන කණ්ඩායම බවට පත් වීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ 155 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජල ප්‍රශ්නය උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ උසම කුණු කන්ද ලබන වසර වන විට සුප්‍රකට ටජ් මහල් ගොඩනැගිල්ල අභිබවා අහසට නැගෙනු ඇතැයි, වාර්තා වෙයි.

Latest News