සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අද ආරම්භ කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව තිබේ. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් කිහිපයක් අද විවාදයට ගැනීමට නියමිතයි.

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද (05) දිනයේ සිදු කිරිමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අද (05) දිනයේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා අද දිනයේ පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර ඇත.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායකවරයා තීරණය කර තිබේ.

1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ආරම්භයේ දී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.

Latest News