ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, පෙන්වා දෙන දත්ත අනුව ඊයේ පමණක් අමෙරිකාව තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 24,197ක්.
කොවිඩ්-19 රෝගය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 97,647ක්. පූර්ණ සුවය ලබා ඇති පිරිස 403,201ක් ලෙස වාර්තාවේ. කොවිඩ්-19 පැතිරයාමත් සමඟ අමෙරිකාව තුළ වඩාත්ම පීඩාවට පත් වූ ප්‍රාන්තය වන්නේ “නිව්යෝර්ක්“ ප්‍රාන්තයයි. මේ වනවිට එම ප්‍රාන්තයේ පමණක් කොවිඩ්-19 රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 28,853ක්.