රුසියාවෙහි කොවිඩ්19 ආසාදිත සංඛ්‍යාව 326,448ක්

මැයි 23, 2020

    රුසියාවෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 8,894ක් ඊයේ සොයාගෙන තිබේ.

    එම සංඛ්‍යාවත් සමඟ රුසියාවෙහි ආසාදිත සංඛ්‍යාව 326,448ක් ලෙස ඉහළ ගොස් ඇතැයි, එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. කොවිඩ්-19 ප්‍රබල ලෙස බලපෑම් ඇතිකර ඇති රටවල් ලෙස අමෙරිකාව, බ්‍රසීලය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් දැකිය හැක. එහෙත්, රුසියාව තුළ මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව එම රටවලට වඩා අඩු අගයක් වේ. මේ වනවිට රුසියාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 3,249ක්. ගතවූ පැය 24 තුළදී ගෝලීය වශයෙන් කොවිඩ්-19 රෝගීන්ගේ මරණ 5,252ක් වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යාවත් සමඟ ලෝකය තුළ දැනට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 340,0004ක් ලෙස ඉහළ ගියේය. අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,304,340ක්.

    Latest News