අතුරුදන් සම්මැරීනයේ කාර්ය මණ්ඩලය, මුදා ගැනීමට ඇත්තේ පැය 72ක කාලයක්....

අප්‍රේ 22, 2021

    අතුරුදන් වූ සිය සම්මැරීනයේ කාර්ය මණ්ඩලය, ජිවිත හානියකින් තොරව මුදා ගැනීමට තවත් ඉදිරිව ඇත්තේ පැය 72ක කාලයක් පමණක් බව, ඉන්දුනිසියාවේ නාවික හමුදාව පවසයි.

    සබ්මැරීනයේ පවතින්නේ තව පැය 72කට සරිලන ඔක්සිජන් ප්‍රමාණයක් වීම ඊට හේතුවයි. “කේ.ආර්.අයි. නන්ගලා 402“ සබ්මැරීනය “බාලි“ වෙරළට කිලෝ මීටර 100ක් පමණ දුරකදී අතුරුදන් වූයේ ඊයේ උදෑසනයි. අතුරුදන් වනවිට එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව 53ක්.

    මේ වනවිට යුද නැව් 6ක්, හෙලිකොප්ටර් යානයක් සහ නිලධාරීන් 400ක් සබ්මැරීනයේ සෝදිසි මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටී. සිංගප්පූරුව සහ මැලේසියාව ද අදාළ මෙහෙයුම් සඳහා සිය නෞකා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

    අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය ද ඉන්දුනිසියාවට සිය ආධාර ලබාදී තිබේ. ජර්මනියේ නිෂ්පාදිත මෙම සබ්මැරීනය මෙලෙස අතුරුදන් වී ඇත්තේ, විශේෂ අභ්‍යාසයකට එක්වී යළි ගොඩබිම බලා පැමිණෙමින් සිටින අතරතුරයි.

    Latest News