බැග්ඩෑඩ් අගනුවර රෝහලක ඇති වූ ගින්නකින් 23ක් මරුට

අප්‍රේ 25, 2021

    ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර රෝහලක ඇති වූ ගින්නකින් 23ක් මියගොස් තිබේ.

    අනතුරින් තවත් පිරිසක් බරපතල තුවාල ලැබූ බව වාර්තාවේ. ගින්න හටගෙන ඇත්තේ, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකයි. ඉබ්නූ කතිබ් රෝහලේ ගින්න හටගෙන ඇත්තේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන ආ ඔක්සිජන් ටැංකි පුපුරා යාම හේතුවෙන්.

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන්ට ප්‍රතිකාර කිරීමේදී ඉතා විශාල ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය වේ. ඒ හේතුවෙන් ලොව බොහෝ රටවල ඔක්සිජන් හිඟයක් මතුව ඇති බව වාර්තාවේ. බැග්ඩෑඩ් රෝහලේ සිදුවු අනතුරින් තුවාල ලැබූ පිරිස් වෙනත් රෝහලකට මාරු කර යැවීමට බලධාරින් ක්‍රියා කළේය.

    ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාපා අල් කද්මි කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් ආරම්භ කරන බවයි. රෝහලේ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News