කොලොම්බියාවේ සිරකඳවුරක ගින්නකින් රැඳවියන් 49ක් මරුට... BBC

කොලොම්බියාවේ සිරකඳවුරක ගින්නකින් රැඳවියන් 49ක් මරුට...

ජූනි 29, 2022

    නිරිතදිග කොලොම්බියාවේ සිරකඳවුරක් තුළ හටගත් ගින්නකින් රැඳවියන් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.

    රැඳවියන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. එරට බන්ධනාගාර ප්‍රධානී, ජෙනරල් ටිටෝ කැස්ටෙලානෝස් ප්‍රකාශ කරන්නේ, රැඳවියන් බන්ධනාගාරයෙන් පැනයාම සඳහා ඔවුන් සතුව තිබූ ඇතැම් ද්‍රව්‍යවලට ගිනි තබා ඇති බවයි. බන්ධනාගාර නිලධාරින් එය මැඩපැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.  කිසිදු රැඳවියෙකුට පලායාමට ඉඩ නොලැබී ඇති බවයි, වාර්තා වන්නේ.  

    මෙම බන්ධනාගාරයේ රැඳවියන් 1,267 දෙනෙකු සිටින අතර, ගින්න හටගැනුණු සිරමැදිරියේ රැඳවියන් 180 දෙනෙකු ඒ මොහොතේ රැඳී සිට තිබෙනවා. සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලැබුවා. එරට ජනාධිපති අයිවන් ඩෝක් පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනමින් සිදුකරන බවයි.

    Latest News