ඊශ්‍රායල මෙහෙයුම අසාර්ථකයි

අප්‍රේ 12, 2019

    චන්ද්‍රයාගේ නවතම තොරතුරු සොයා ගැනීම සඳහා යැවුණු යානය සඳ මතට කඩා වැටේ.

    බෙරෙෂීට් නමැති මෙම යානය ඊශ්‍රායලයෙන් අභ්‍යවකාශ ගත කළේ මීට සති 07 කට පෙරයි.

    මිනිසුන් රහිත රොබෝ යානයක් වන මෙය පසුගිය සතියේදී චන්ද්‍රයාගේ ගුරුත්වයට ඇතුලුවීමට පෙර පෘථිවිය කක්ෂය වටා ගමන් කර ඇත.

    එහි අවසන් අදියරේදී යානය කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඊට තාක්ෂණික දෝෂයන් හේතු වූ බව ඊශ්‍රායලයේ අදහසයි.

    සඳමතට සාර්ථකව යානයක් ගොඩබස්සවා ඇති රටවල් ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ සෝවියට් සංගමය, අමෙරිකාව සහ චීනය පමණී.

    Latest News