“ජාත්‍යන්තර හා දේශීය සංසරනය” යන තේමාව යටතේ මාර්ගත හා මාර්ගත නොවන ලෙස පැවැත්වෙන ප්‍රදර්ශනයේ කාණ්ඩ 16ක් සඳහා ප්‍රදර්ශන කලාප 51ක් ස්ථාපිත කෙරෙනු ඇති.
දෙස් - විදෙස් උසස් තත්ත්වයේ සැපයුම්කරුවන් 25,000කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි වනු ඇතැයි, අපේක්‍ෂා කෙරේ.
මෙවර කැන්ටන් ප්‍රදර්ශනය දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ද්විත්ව උපායන්ගෙන් සමන්විත වෙයි. ඒ අනුව රටවල් හා ප්‍රදේශ 40ක " මාර්‍ගගත ප්‍රවර්ධන " 52ක් ක්‍රියාත්මක කෙරේ.
විදේශීය අරමුදල් සපයන ව්‍යවසායන් සහ දේශීය ගැණුම්කරුවන් ඇතුළු ප්‍රසම්පාදන නියෝජිතයන්ට මාර්‍ගගත ක්‍රමයෙන් බැහැරව ඊට සහභාගී වීමට ආරාධනා කර තිබේ.
රූපවාහිනී වාර්තාකරු - මෝතිලාල් හිල්ඇල්ල
චීනයේ බෙයිජිං නුවර සිට