රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන පෙබරවාරි මස 24 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ මුදල් තැන්පත් කර එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සදහා වු යෝජනාවලියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.33 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.

මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්.කන්සල්ටන්සි නැමති සමාගම ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන පෙබරවාරි මස 27 වන දා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සිනමා ශාලාව තුළ සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩිජිටල් නාම පුවරු ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉකුත් රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් නොවැම්බර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් 14 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියෝග කෙරේ.

Latest News