2016 වසරේ සිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳව වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඊයේ දින නීතිපතිවරයා විසින් දැඩි විවේචනයට භාජනය කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ලබන 25 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දුන්නේය.

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 14 දෙනා මාවනැල්ල දිසා විනිසුරු උපුල් රාජකාරුණා මහතා වෙත අද යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නඩු විභාගය ලබන 19 වැනිදා දක්වා කල්තැබිණ.

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානයේ දී විදුලි සෝපාන ක්‍රියාකරුට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා බැණ තර්ජනය කළ බව කියන සිද්ධියේ සීසීටීවී දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස රහස් පොලීසිය සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විධිමත්ව එම ඉල්ලීම සිදු කරන්නැයි පොලිසියට ඊයේ උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රීලනිප සභාපති ධූරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කළ අභියාචයකට ලබන 27 දා කරුණු දැක්වන්නැයි පා.ම. අනුර යාපාට නොතීසි නිකුත් කරයි.

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහ්රාන් හෂීම් ගැන වාර්තා 97 ක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය වෙයි.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලීම ආරම්භ කෙරිණ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.

Latest News