ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 9ක් හා ස්වාධීන අපේක්ෂකයින් 8ක් ඊට ඇතුළත්.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයින් 05 වනදා එකම වේදිකාවකට ගෙන ඒමට සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වී ඇත්තේ, පොහොට්ටුව ලාංජනය වෙනස් නොකිරීම බව එම පක්ෂය පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.

දේශපාලනයට පිවිසෙන්නේ නම් එය ජනතාවගේ ඉල්ලීම මත පමණක් සිදුවන බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරේ.

ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද (19) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Latest News