ගිනි අවි වැටලීමක්

දෙසැ 10, 2018

    ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    ඔවුන් සතුව තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ 69 ක් සොයා ගැනිණ. ලැබුණු තොරතුරකට අනුව මීගොඩ පොලිසිය වැටලීම සිදුකර තිබේ.

    එම අවි සහ ජීව උණ්ඩ දැනට බන්ධනාගාරගතව සිටින මීගොඩ ප්‍රදේශෙයේ පුද්ගලයෙකුට අයත් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි . සැකකරුවෝ 19 සහ 39 වියේ පසුවෙති.

    Last modified on සදුදා, 10 දෙසැම්බර් 2018 19:31

    Latest News