නිරෝධායනයට යොමු කළේ, රටේත්, ජනතාවගේත් ආරක්‍ෂාව සඳහා; හමුදාපති

මාර් 14, 2020

    කොරෝනා ව්‍යාප්ත වන රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට රජය තීරණය කළේ, රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව සඳහායි.

    එහෙත්, විවිධ පාර්ශව ඊට වැරදි අර්ථකතන දුන් අතර එය පෞද්ගලිකව සිදු කරන හානියක් ලෙස හුවා දැක්වීමටත් කටයුතු කර තිබිණ. නමුත් එම වැඩපිළිවෙළේ වැදගත්කම දැන් මනාව පැහැදිලිවී ඇත්තේ නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමඟයි.

    “කොරෝනා වෛරසය“ සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලිය රජය ආරම්භ කළේ, චීනයේ වූහාන් නගරයේ කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන්. ඔවුන් දියතලාවේදී සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරිණ. ඊට එම පිරිසෙන් ලැබුණේ ඉහළ සහයෝගයක්.

    නමුත් ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණි පුද්ගලයින්, නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ අය ඉන් පලායාමට ද උත්සාහ කැනු ලැබීය. නිරෝධායන මධ්‍යස්ථානවල අඩුපාඩු දක්වමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ද ඇතැමුන් ක්‍රියා කර තිබිණ. එහෙත් රජය එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළේ, රටේ සමස්ත ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන්.

    රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට පැමිණිම තාවකාලිකව අත්හිටුවීමට ද රජය ක්‍රියා කළේය. එහි ප්‍රතිඵල දැන් මනාව පැහැදිලි වී තිබේ. ඔවුන් නිරෝධායනය නොවී පිටත් වූයේ නම්, අත්වන ඛේදනීය තත්වය කුමක් දැයි පැහැදිලියි. මේ පිළිබඳ අදහස් දැක්වූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...

    “එන හැම එක්කෙනාම නිරෝධායන කටයුතුවලට යා යුතුයි. පළමුවෙනි දවසේ, දෙවැනි දවසේ මඟහැරපු අයට දැන් තේරෙනවා ඇති නිරෝධායනයේ වැදගත්කම. ඊයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ ඉඳලා සොයා ගත්ත දෙදෙනා ගෙදරට ගිහිල්ලා තිබුණා නම් වෙන තත්වය මේ අවස්ථාවේ කිව යුතු නැහැ. පිටරටින් එන ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් තියෙනවා කැමැත්තෙන් ගිහිල්ලා තමන්ගේ පවුල්වල ශ්‍රී ලංකාවාසි සියලු දෙනාට කරන ගෞරවයක් වශයෙන් ඔවුන්ට කරන සේවයක් වශයෙන් නිරෝධාන කටයුතුවලට සම්බන්ධ වෙන්න ඕනේ“ යැයි හමුදාපතිවරයා පැවසීය

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 20:38

    Latest News