රජයේ - බැංකු සහ වෙළෙඳ හෙට නිවාඩු

මාර් 15, 2020

    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (16) දින රජයේ බැංකු සහ වෙළෙඳ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලනඅමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

    මේ අතර ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති 2ක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    පින්නවල අලි අනාථාගාරය, රීදිගම සෆාරි උද්‍යානය යන ආයතන ද ඊට ඇතුළත් වේ.

    Latest News