කොරෝනා නිසා පොලිස් නිශ්කාෂණ වාර්තා Online ක්‍රමයට

මාර් 15, 2020

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට(Online) ක්‍රමයට පමණක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛසරය ආසාදිතව ඇති බවට හඳුනාගත් තැනැත්තන් 10 දෙනෙකු රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මෙම තත්ත්වය මත ආසාදිතන හඳුනා නොගත් තැනැත්තන් සමාජය තුළ ගැවසෙමින් සිටිමේ ඉඩ ප්‍රස්ථාව බැහැර කළ නොහැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    ඒ හේතුවෙන් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට පමණක් නිකුත් කිරිම සඳහා කටයුතු කරනු ලබයි.

    නිශ්කාෂණ වාර්තා අයඳුම්පත් බාර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා ‍කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය සති 2ක කාලයක් වසා තබනු ලබන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

    Latest News