අමෙරිකා ඩොලරයේ විකුණුම් මිල රු. 189 ඉක්මවයි

මාර් 20, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක් ලෙසින් සටහන් වූ අතර, විකුණුම් මිල රු. 189.87 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක ගැණුම් මිල රු. 185 සීමාව සහ විකුණුම් මිල රු. 189 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

    මේ අතර අද (20) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 186.93 ක් ලෙසයි.

    ඉහත සියලු අගයයන් මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගයයන් වේ.

    Latest News