යුරෝපානු රටවල්වල මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවයි

මාර් 21, 2020

    නව කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපානු කලාපයේ රටවල්වල මියගිය සංඛ්‍යාව පන්දහස ඉක්මවා ඇත.

    යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇතිව තිබෙන්නේ ඉතාලියටයි.

    ඒ චීනයද අබිබවා යමින් වෛරසයෙන් ලොව වැඩිම පුද්ගල මරණ සිදුවූ රට බවට පත්වෙමින්.

    ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තා වී තිබේ.

    නව කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්යාව මෙය වීම විශේෂත්වයක්.

    ඒ සමගින් ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 4,032 දක්වා ඉහළ ගොස් ඇත.

    ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම එරට සෞඛ්‍යය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.

    කෙසේ වෙතත් ඉතාලියේ 5,129 ක් සුවය ලබා ඇති බවද වාර්තා වේ.

     

    Latest News