මොකුත් නොලැබුණ සොයිසා කියූ කතාව (වීඩියෝ)

දෙසැ 20, 2018
  • නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍යධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ද පැමිණ සිටියේය.

    එහිදී මාධ්‍යවේදීන් නව අමාත්‍යධුර බෙදී යාම ගැන මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේය..මෙහිදී ඔහු කියා සිටියේ අළුත් ආණ්ඩුව හොද බවත්, ආණ්ඩු පක්ෂයට එක්වූයේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොවන බවත්..

    මම මුදල් ඇමති එහෙම නෙවෙයි...

    ඔබතුමාට මොකුත් නෑ නේද? මට ද? මට ඔක්කොම තියනවා..අපිට ඇමතිකම් තිබුනත් එකයි නැතත් එකයි.

    බලාපොරොත්තු වුනේ නෑ නේද? නෑ මම කිව්වනේ පාර්ලිමේන්තුවේ...
    බලාපොරොත්තු තියෙනවා මල්ලී ඒව නැතිකර ගන්නේ නෑ..

    ජනාධිපතිතුමා කිව්වා දාල ගිය කට්ටියට දෙන්න නෑ කියලා? අපේ සර්නේ අපි ඒක බලාගන්නම්.
    සර් අලුත් ආණ්ඩුව හොඳයිද? හොදයි..ඒකනේ අපි එකතු වුණේ..රට කඩා වැටෙන්න දෙන්න බෑ නේ...රට විනාශ වුනානේ මාස ගාණක්..දැක්ක නේද දේශපාලඥයෝ නැතිව රට ගියපු ටිකේ රට කඩා වැටුණා..ආර්ථිකය කඩා වැටුණා..දේශපාලඥයෝ නැතිව රට කරන්න බැහැ..

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 16:25

    Latest News