ලුණුගම්වෙහෙරේ දඩයක්කරුවෙකුට වෙඩි ප්‍රහාරයක්

දෙසැ 20, 2018

    ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ වනසතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක් හෙලි කර ගැනීමට වනජීවිකාර්යාලයේ නිලධාරින් සමත්වී තිබේ.

    මෙම වැටලීමේදී ඝාතනය කරන ලද මුවන් හය දෙනෙකුගේ මස් කිලෝ 160 ක් අත්දන්ගුවට ගැනීමට හැකිවී ඇත.

    ඊයේ (19) රාත්‍රී ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ බෝගහවැව කිරිදිඔය ප්‍රදේශයේ ඔරුවකින් සතුන්ගේ මස් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට යාම්වේදී ඔහු වනජීවී නිලධාරීන්හට වෙඩි තබා ඇති අතර පසුව දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබේ. එසේ වුද සැකකරු පලා ගිය බව වනජිවී නිළධාරින් පවසයි. පොහොරවුර තුල බහා ප්‍රවාහනය කරමින් තිබු මුවමස් කිලෝ 160 ක්, තරාදියක්, විදුලි පන්දමක් හා ඔරුවද වනජේවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .

    වෙඩි හුවමාරුවේදී අදාළ සැකකරුට වෙඩි වැදී ඇති අතර ඔහු රෝහලක ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇතිබවට වනජීවී නිලධාරීන්හට තොරතුරු අනාවරණය වී ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට හා අදාළ නඩු බාන්ඩ තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කිරීමට වනජීවී නිලධාරින් ක්‍රියා කර තිබේ. සැකකරු මිට පෙර අවස්ථා කීපයකදීම වනසතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු දඩයම් හිනා ලෙස අනුවර්ත නාමයකින් හදුන්වන අයෙකු බව වනජීවී නිලධාරින් පවසයි.

    lunugamveherapark01 px 900 18 12 20

    lunugamveherapark02 px 900 18 12 20

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 15:05

    Latest News