නාවික හමුදා බස් රථ දෙකක එළවළු ලොරියක් ගැටේ

අප්‍රේ 15, 2020

    කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල තැපැල් කාර්යාලය අසළදී නාවික හමුදාවට අයත් බස් රථ දෙකක එළවළු ලොරියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    අද සවස සිදු වූ අනතුරින් එළවළු ලොරියේ රියැදුරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    තුවාලකරුවන් 29 දෙනෙකු වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.

    තුවාලකරුවන් අතර නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.

    අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන වරකාපොල පොලීසිය විසින් පවත්වනු ලැබේ.

    Latest News