විගමණික ශ්‍රමිකයින්ට රු. මිලියන 8ක්

අප්‍රේ 15, 2020

    විගමණික ශ්‍රමිකයින්ට සහන සැළසීම සඳහා තවත් රුපියල් මිලියන 8 ක ප්‍රතිපාදන වහාම ලබාදෙන්නැයි විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් දී තිබේ.

    ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක පිහිටි කම්කරු සුබසාධන අංශ හා සෘජුව සම්බන්ධ වී අදාළ සහන සලසනු ඇති.

    ඒ අතරට අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේටය සහ ලෙබනනය යන රටවල් අයත් වේ.

    ඊට අමතරව මලයාසියාව, ඕමානය, මාලදිවයින, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව ද විගමණික ශ්‍රමිකයින්ට සහන ලබාදෙන රටවල් අතරට අයත් වේ.

    පවතින තත්ත්වය අනු නීතිමය තත්ත්වයන් නොසලකා සහන ලබාදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

    Latest News