පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන ජනපතිගේ තීන්දුව (වීඩියෝ)

අප්‍රේ 23, 2020
  • කුමන හේතුවක් නිසා හෝ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි නොකැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර, අද කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපකදී ආණ්ඩු පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද මේ පිළිබඳව අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා....

    “විපක්‍ෂය යළි කැඳවන්න කියන පාර්ලිමේන්තුව කුමක් ද, 2018,2019 මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවක්. මේ රට විදේශිකයන්ට විකුණන්න කටයුතු කරපු දේශද්‍රෝහි පාර්ලිමේන්තුවක්. ඒ වගේම ත්‍රස්තවාදයට යළි පණදුන්න පාර්ලිමේන්තුවක්. මහ බැංකුවත් හොරාකාපු චෞර පාර්ලිමේන්තුවක්. එහෙම පාර්ලිමේන්තුවක් කැඳවලා රටට තියෙන ප්‍ර යෝජනය මොකක්ද? මේ දේශද්‍රෝහි පාර්ලිමේන්තුව යළි නොකැඳවීමට ජනාධිපතිතුමා අරගත්ත තීන්දුවට අපි හිසනමා ආචාරය පුද කරනවා“ යැයි උදය ගම්මන්පිල මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 20:44

    Latest News