චීනයෙන් මිලියන 211 කට අධික පරිත්‍යාගයක්

අප්‍රේ 27, 2020

    කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සඳහා චීන රජය විසින් අද දින (27) රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර ඇත.

    මෙම වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේදී ප්‍රදානය කර තිබේ.

    චීන රජය ලබාදුන් වෛද්‍ය උපකරණ අතර Novel Coronavirus (2019 - ncoV) Nucleic Acid Diagnosic Kit (PCR - Fluorescence PProbing) 20,016 ක් ද , Medical Protective Face Mask 10,000 ක්ද , Surgical mask 100,000 ක්ද, Disposable Coverall 10,000 ක්ද, Medical Goggle 1000 ක්ද, Single - use Rubber Sugial Gloves 5000 ක්ද වේ.

    කොරෝනා මර්ධනය සදහා චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුලත් වාර්ථාවක් ද වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කර ඇත.

    Latest News