බස්නාහිර කොරෝනා පාලනයක්

මැයි 02, 2020

    බස්නාහිර පළාත තුළ කොරෝනා තත්වය යම් තරමක පාලනයයට යටත් කොට තිඛෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මේ දිනවල බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකෙරන බවත් අවශ්‍ය නම් දිනකට සිදුකරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 3000 ක් දක්වා වැඩිකිරිමට හැකි බවත් ඔහු පැවසීය.

    වෙසක් සතිය අවසන් වන තෙක් සහ ඉන් පසුවද කලක් ගතවන තෙක් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් යම් පාලනයකින් යුතුව දෛනික කටයුතු සිදුකිරිමට සිදුවීම අනිවාර්ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණ කළේය.

    Latest News