ඉරාන තානාපති අගමැති හමුවෙයි

ජූනි 16, 2020

    ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂීම් අශ්ජසාඩේ මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    දෙරටේ මිත්‍ර සබඳතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරුණේ, 1962දීය. ඉරානය, මැද පෙරදිග කලාපයේ මෙරට දෙවැනි විශාලතම අපනයන රාජ්‍යයයි. ශ්‍රී ලංකා-ඉරාන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සාකච්ජාවේදී අවධානය යොමු විය.

    Latest News