කොළඹ වරාය නගරයේ වෙරළ තීරය ලබන වසරේ ජනතා අයිතියට

ජූනි 19, 2020

    කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කරයි.

    කිලෝමීටර් 2 ක් දිගින් යුත් කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය සකස් කෙරෙමින් පවතින අතර වෙරළ ක්‍රීඩාංගණයක්, වෙරළ උද්‍යානය, ළමා උද්‍යාන, කුඩා ආපන ශාලා, බෝට්ටු ප්‍රවාහන සේවා වලට අදාළ අංගන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News