අද මෙතෙක් කිසිදු කොවිඩ්-19 රෝගියෙකු වාර්තා නොවුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 561ක්. ඔවුන්ගෙන් 451 දෙනෙකුම එම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන්. තවත් 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් වන අතර, 05 දෙනෙකු ආරාධිත කාර්ය මණ්ඩලයට අයත්වූවන් වේ. 42 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයින්.
මෙරට තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථානවලින් අද වනවිට 25,074 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 51ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 5,222ක්. ඊයේ තුළ පමණක් පීසිආර් පරීක්ෂණ 1,100ක් සිදුකර තිබේ. මෙරටදී සිදුකරන ලද සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ 41,515 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ අතර, කොවිඩ් 19 රෝගය වැළඳුණු නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. එළඹෙන අගෝස්තු 01 සිට දිවයින පුරා පෙර පාසැල් යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණි බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ තවදුරටත් එම ප් දේශයට සංචරණ සීමා පනවා තිබේ. ප්‍රදේශයේ 121 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ දෙවන වරටත් ඊයේ සිදු කෙරිණ. ඒ, රාජාංගනය 5 කණුව පොළ භූමියේ දී.
නිරෝධායනය වෙමින් සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ 43 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ඊයේ ලබා ගැණින. ඒ, තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී.
තන්තිරිමලේ බෝයගොඩ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 124 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර පිටව ගියේය. ඔවුන් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින්. සමාජයෙන් තෝරා ගනු ලබන නියැඳිවල පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
බදුල්ල ප්‍රදේශයේ එලෙස තෝරා ගැනුණු 100 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද සිදු කෙරිණ. ඒ, මයිගලස්තැන්න නාගරික සායන මධ්‍යස්ථානයේදී.