අගමැති-තානාපති හමුව

ජූලි 22, 2020

    තැපැල් ඡන්ද කාලසීමාවේ දක්නට ලැබුණු ඉහළ ඡන්දදායක සහභාගිත්වය අනුව, එළඹෙන අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී 70%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    සේවා කාලය අවසන් වූ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිණ. දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා පිලිබඳ අදහස් පළ කළ ජර්මානු තානාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ජර්මානු විදේශ ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින බවයි. ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර වසර 66ක කාලයක් පුරා පවතින රාජතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ද මෙහිදී සිහිපත් කෙරිණ.

    2016 වසරේ කිලිනොච්චියේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයට සමාන පුහුණු ආයතන දෙකක් මාතර සහ රත්මලාන ප්‍රදේශවල පිහිටුවීමට අපේක්‍ෂා කරන බව ජර්මානු තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටියේය.

    Latest News