අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ සේවය අත්හිටුවයි

ජූලි 23, 2020

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ සේවය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඔහු අත්අඩංගුවට පත්වුණේ, පුත්තලම සුරාබදු කාර්යාලයේ වැඩබලන ස්ථානාධිපතිගෙන් අයිස් මත්කුඩු ලබාගැනීමට පැමිණි අවස්ථාවේ.

    එම කාර්යාලයේ දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත. පුත්තලම පොලිසිය පිටුපස සුරාබදු කාර්යාලය ආසන්නයේ මැලේරියා ඇළ අසලදී අද අලුයම වැටලීම සුදු කර තිබේ. වෑන් රථයකින් කැකිරාවේ සිට පැමිණි පිරිසක් සමඟ පොළොන්නරුව සුරාබදු කාර්යාලයේ නියාමකවරයා මෙම ස්ථානයේදී, මෝටර් රථයකින් පැමිණි පුත්තලම සුරාබදු කාර්යාලයේ වැඩබලන ස්ථානාධිපතිගෙන් අයිස් නමැති මත්කුඩු ග්‍රෑම් 125ක් ලබාගෙන ඇති බව වාර්තාවේ. මත්කුඩු පැකට්ටුව රැගෙන ආ වැඩබලන ස්ථානාධිපතිවරයා, එම මෝටර් රථයෙන්ම පළාගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයක්, කාන්තාවන් සිව් දෙනෙක් හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News