රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට, ජනපති-අගමැති එකම පක්‍ෂයකින් පත්විය යුතුයි; අගමැති

ජූලි 24, 2020

    රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට නම් ජනපති සහ අගමැති එකම පක්‍ෂයකින් පත්විය යුතු බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එසේ නොවීමේ අනිටු ප්‍රතිඵල පසුගිය කාලසීමාවේ ජනතාවට අත්දකින්නට ලැබුණු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ත්‍රීකුණාමලය, විවේකානන්ද ශ්‍රවණාගාරයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. හිටපු අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, ත්‍රීකුණාමල දිස්ත්‍රික් අපේක්‍ෂකයින් වන ආරියවතී ගලප්පත්ති, කපිල නුවන් අතුකෝරල යන මහත්ම-මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්තාවට එක්වූහ.

    දෙහිඅත්තකණ්ඩිය නගර සභා උද්‍යානයේ පැවති ජන හමුවකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ සහභාගි විය.

    අම්පාර, සමන්තුරේ නගරයේ ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් සංවිධාන කෙරිණ.

    Latest News