සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරන්න

සැප් 04, 2020

    ශ්‍රී ලාංකිකයන් අද නිදහසේ මෙලෙස තම දෛනික රාජකාරී ඉටු කර ගත්ත ද බොහෝ රටවලට එම වාසනාව අහිමිවී තිබේ.

    ඒ, කොවිඩ් මාරයා නිසයි. දේශපාලනික නායකත්වය මෙන්ම, නිලධාරීන් තම යුතුකම නිසි ලෙස ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට අද නිදහසේ පාසල් යාමේ අවස්ථාව හිමිවී තිබේ. එහෙත්, සෞඛ්‍ය බලධාරීන් ඔබෙන් ඉල්ලූ එකම ඉල්ලීම වූයේ, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරන ලෙසයි.

    කොවිඩ්-19 හේතුවෙන් මේ වනවිට දෙකෝටි හැටපන් ලක්‍ෂ 317ක් ලොව පුරා පීඩා විඳින අතර, මියගිය සංඛ්‍යාව අට ලක්‍ෂ 73,786ක්. එක් දිනක වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ, අපේ අසල්වැසි ඉන්දියාවෙන්. විදේශයන්හි සිට මෙරටට පැමිණෙන්නන් අතර ද කොවිඩ් රෝගීන් වාර්තාවේ. එය ඇතැම් දිනවල 35 ද ඉක්මවනු ලැබීය. දැනට සමාජයෙන් රෝගීන් වාර්තා නොවීම සත්‍යයක් වුවත්, කොවිඩ් අවදානමින් අප මුළුමණින්ම බැහැර වී නැහැ. ඔබ ඔබේ යුතුකම ඉටු නොකිරීම අනාගත ව්‍යසනයකට අතවැනීමක් වේ.

    Latest News