ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇත.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30ත්, 40ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතී. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.