කොරෝනා ආසාදිතයින් 5කට සුවයි

සැප් 16, 2020

    අද (16) උදෑසන 10.00 වනවිට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,021ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (15) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

    නව ආසාදිතයින් අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙක්, කුවේට් සිට පැමිණි තිදෙනෙක්, කටාර් සිට පැමිණි අයෙකු සහ ඉන්දියානු ජාතික නාවිකයෙකු සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ආසාදිතයින් 237 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

    Latest News