ඉදිරියේදී රටට ජාතික ධීවර ප්‍රතිපත්තියක්

සැප් 22, 2020

    ධීවර කර්මාන්තය හා සම්බන්ධ ජාතික ධීවර ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

    අදාළ පාර්ශව සමග සාකච්ඡා කර මෙම ධීවර ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ අනුව ධීවර ගැටළු සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    උතුරු පළාතට අයත් මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ජීවත්වන 45,000ක් පමණ දෙනා මෙම වෘත්තියේ නියැලෙන බවත් එමගින් පවුල් ලක්ෂ 2ක් පමණ යැපෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙම ප්‍රදේශ වල මුහුදු යන ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රාවලට ඉන්දියානු යාත්‍රා හේතුවෙන් තම ජීවිකාව කරගෙන යාමේ ගැටළු පැන නැගී ඇති බවත් එහෙත් ඉදිරියේදී මෙම නීතිවිරෝධී ඉන්දියානු ධීවර යාත්‍රා මඟින් සිදුවන නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්න බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    Latest News