පාඨලී ගේ රියදුරුට ඇප

ඔක් 05, 2020

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරුවන දිලුම් තුසිත කුමාර මහතා අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව ඔහු රුපියල් ලක්ෂ හතරක අමතර බැදුම්කරයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දිලුම් තුසිත කුමාර මහතා එම නඩුව ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

    ඉන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වරෙන්තු නිකුත් කළේය.

    මෝසමක් මාර්ගයෙන් විත්තිකාර දිලුම් තුසිත කුමාර මහතා අධිකරණයට භාරවූ අතර ඉන්පසුව ඔහු වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා අද (05) නියම කළේය.

    අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ හතරක අමතර බැඳුම්කරයක් මත මුදාහරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 17:56

    Latest News