වැටලීමකින් සැකකරුවන් 479 දෙනෙක් අත්අඩංගුවට

ඔක් 05, 2020

    බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 479 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ එම මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරුණු බවයි.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 221 දෙනෙකු,

    ගංජා සන්තකව සිටි සැකකරුවන් 118 දෙනෙකු,

    නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 95 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 08 දෙනෙකු ද වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 17:48

    Latest News