බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු(ලොකු) රුපියල්200කට, බී ලූණු කිලෝව රුපියල්100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත.
මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.
පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවි සැල්වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.