නව අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

සැප් 24, 2024

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු වේලාවකට පෙර නව අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නා.

    ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී. උත්සවය පැවැත්වුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

    ඇය මෙරට 16 වැනි අග්‍රාමාත්‍යවරිය වන අතර, තුන් වැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය ද වනවා.

    මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද අමාත්‍ය ධුරයක දිවුරුම් දී තිබෙනවා.

    Latest News