රිෂාඞ් බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

ඔක් 20, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.

    ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසන්නේ.

    බන්ධනාගාර ගත වන සියලූ‍ රැඳවියන් දින 14 ක් නිරෝධනයට ලක් කෙරෙනවා.

    රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි.

    කොළඹ බන්ධනාගාරවල රඳවා තැබෙන රැඳවියන් දින 14 ක නිරෝධායනයට යොමු කරනු ලබන්නේ, මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේයි.

    ඒ අනුව, රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ද පල්ලන්සේන බන්ධනාගාරයට යොමු කළ බවයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කියාසිටියේ.

    එම බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක විශේෂ ආරක්ෂාවක් යටතේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් රඳවා සිටින බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    Latest News