ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍ර වල වලංගු කාලය 2020.10.07 වන දින සිට 2020.12.05 දක්වා දීර්ඝ කෙරේ.
එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටපත් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඉදිරියේ දී දැනුම් දෙන බව ද එම නිවේදනයේ සඳහන්.
එම කාලය තුළ දිවයිනෙන් බැහැර වීමට අවශ්‍ය නම්, වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකි අතර, එහිදී කිසිදු දඩ මුදලක් අය නොකරන බව දැනුම් දෙයි.