වර්තමානයේ රට තුල සිදු කෙරෙන කොරෝනා මර්දන ක්‍රියාන්විතය හමුවේ අතිශය තීරණාත්මක අඛණ්ඩ විදුලිබල සැපයුමකින් ජාතික පද්ධතිය බලගැන්වීමටත්, පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබාදීමටත් විදුලිබල අමාත්‍යාංශය සෑම පියවරක්ම ගන්නා බවත්, රටම බලගන්වන එකී මහඟු ජාතික කර්තව්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන ලංකා විදුලිබල මණ්ඩලය ප්රමුඛ සියලු ආයතනයන්හි සහෝදර සේවක පිරිසට තම ස්තුතිය පිරිනමන බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.