පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
එමෙන්ම කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථායක් වු IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක ද මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සිදුවු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
කොවිඩ් - 19 අවදානම මධ්‍යයේ වුවද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වු බව හෙතෙම සඳහන් කළේය.