රිජ්වේ රෝහලේ ආසාදිතයන් සංඛ්‍යාව 56ක්

නොවැ 10, 2020

    කොළඹ පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයන් 56ක් හඳුනාගෙන ඇත.

    ඒ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කර ඇත.

    එම රෝගීන් 56 අතර මව්වරු හා ළමුන් 46 දෙනෙක්,සෙසු ආසාදිතයින් 10 දෙනා අතර වෛද්‍යවරු, හෙදියන් හා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අය සිටින බව පැවසේ.

    ඒ සියලුදෙනා මේ වන විට IDH රෝහල වෙත යොමුකර ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා, සඳහන් කරනවා.

    තවද රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇති බවද සඳහන් කරනවා.

    Latest News