පොලිස් බල ප්‍රදේශ 27ක් සහ ග්‍රාම සේවා වසම් 5ක් හුදෙකලා කරයි

නොවැ 10, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 27ක් සහ ග්‍රාම සේවා වසම් 5ක් හුදෙකලා කර තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණ ද පොලිස් වසම් 13ක් තවදුරටත් පවතින්නේ හුදෙකලා තත්වයේ.

    අඟුලාන පොලිස් වසමේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වයස් ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරිණ.

    කොළඹ දිස්ත්‍රික්කයේ මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, සිරිසඳ උයන සහ මාලිගාවත්ත ඒන්.ඒච්.ඒස් යන නිවාස සංකීර්ණවල ජනතාවට සංචරණ අවම කරමින් නිවෙස් තුළම රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්වසම් 8ක් තවදුරටත් හුදෙකලා කර තිබේ.

    කඳාන සහ මහබාගේ යන පොලිස් බල ප්‍රදේශ ද හුදෙකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළත්.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් දෙකක් හුදෙකලා තත්වයේ පවතී. මාවනැල්ල පොලිස් වසම හුදෙකලා කර ඇති පසුබිමක මාවනැල්ල ප්‍රාදේශීය සභාව අද පෙරවරුවේ රැස්විය.

    Latest News