අද දිවයින පුරා අහස වලාකුළුවලින් බරව පවතිනු ඇත

නොවැ 17, 2020

    දිවයින පුරා අහස වලාකුළුවලින් බරව පවතිනු ඇති අතර, උතුරු, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු, සබරගමුව,මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග තද සුළං හා අකුණු ඇති වේ.

    Latest News