අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ (වීඩියෝ)

දෙසැ 15, 2020
  • කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කර තිබේ.

    ගින්න හටගෙන තිබුණේ, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ බිම් මහලේ අබලි ද්‍රව්‍ය ගබඩාවකයි. ගින්න හට ගැනුණේ, අද පස්වරු 4.30ට පමණ. ගිනි නිවීමේ හමුදාව, ගුවන් හමුදාව, ඇතුළු ආරක්ෂක අංශ විසින් ඒය කඩිනමින් මැඩ පැවැත්වීමට පියවර ගනු ලැබීය.

    ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ වායු සමනය කෙරෙන පද්ධති සඳහා උපයෝගි කර ගැනීමෙන් පසු ඉවත් කරන ලද අබිලි ද්‍රව්‍ය තොගයක් ගින්නෙන් විනාශ වී තිබේ.

    ඒහි ලේඛනාගාරයට හෝ වෙනත් කිසිදු දේපලකට හානි සිදුව නොමැති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් තුනකින් යුක්තව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:11

    Latest News