මාර්ග ගත අධ්‍යාපනය නිසා දරුවන් 20 - 30 ක් දිනකට රෝහලේ

දෙසැ 19, 2020

    කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය.

    එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම වශයෙන් තත්පර 20 ක හෝ විවේකයක් ගන්නා ලෙසත් ඒ මහතා පාසල් හා සරසවි සිසු සිසුවියන්ට දැනුම් දී සිටී.

    විශේෂයෙන්ම මේ දිනවල වමනය, ක්ලාන්තය, ඇස් වේදනාව, ඇස් වලින් කදුලු ගැලීම ආදී රෝග ලක්ෂණ සහිත දරු දැරියන් වැඩි වශයෙන්  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව වාර්තා වේ.

    Latest News